ඕස්ට්‍රේලියාවට ගමන් ගන්නා සංක්‍රමණිකයින්ට එරට රජයෙන් නව නීති පද්ධතියක්

Share

ඕස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට එරට රජය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු නගර සහ ජනගහන අමාත්‍ය ඇලන් ටජ් සඳහන් කළේ,  ඔස්ට්‍රේලියාවේ විශාලම නගර දෙකෙහි තදබදය නතරකර පළාත්බද ප්‍රදේශ දියුණු කිරීම මෙහි මුලික අරමුණ වන බවය.

ඒ අනුව නව සංක්‍රමණිකයන් ජීවත්වන ප්‍රදේශ සීමා කිරීමට අදාළ වීසා කොන්දේසි, ඕස්ට්‍රේලියානු රජය, ඉදිරි වර්ෂ 5 තුළ හඳුන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ .

Read more

Local News