ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) දහවල් ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වී තිබෙන බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ප්‍රවෘත්ති නිවේදනයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (2018.10.12) දහවල් 12 ට ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

එහිදී, පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධූරය පත් කිරීම පිළිබඳව සලකා බැලූ අතර, ඒ සඳහා ගරු ජනාධිපතිතුමා විසින් යොමු කරන ලද නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.

ඒ අනූව, අදාල පත් කිරිම සඳහා ගරු ජනාධිපති තුමා වෙත සිය නිගමනය දන්වා යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරන ලදි.

Exit mobile version