අද දිනයේ සිට, දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ද ඇති විය හැක.



