මෝටාර් උණ්ඩ 9ක් ළිඳකින් මතුවෙයි

පුපුරණ ද්‍රව්‍ය ඇති බවට සැක කරන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කළ අතර එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය පවතින බවට ප්‍රාදේශීය සභා සේවකයින් කළ දැනුම්දීමක් මත අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඊයේ (17) ළිඳ පරීක්ෂා කළ අැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Exit mobile version