අඩු වියදමක් සහිත අලුත් ප්‍රෙටල් වර්ගයක් ත්‍රිරෝද රථ සඳහා ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 87 හෝ ඊට අඩු ඔක්ටේන් අගයකින් මෙම ප්‍රෙටල් වර්ගය ඉදිරි මාසයේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, පවතින මිලට වඩා රුපියල් 08ක් පමණ අඩුවෙන් එය හඳුන්වා දීමට නියමිතය.
මෙම ප්‍රෙටල් වර්ගය යතුරුපැදි සඳහාද භාවිත කිරීමට හැකියාව ඇත්ද යන්න මේ දිනවල පරීක්‍ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.



