ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟම ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

හොර්ටන්තැන්න, ඩයගම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවක් පතිත වි ඇත.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ අවට පදිංචිකරුවන් දැඩි විමසිමත්ව සිටින ලෙස එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියි.

Exit mobile version