රජය ඉන්දියාව සමඟ මිත්‍රශීලීයි රාජිත කියයි

Share

රජය ඉන්දියාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇතැම් අය ඉන්දීය විරෝධයක් නිර්මාණය කළ ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දීර්ඝ මිතුදමක් පවතින බවත් බෞද්ධ දර්ශණය, කළා ශිල්ප, සංගීතය, ආයුර්වේදය අපට ලැබුනේ ඉන්දියාවෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අළුත්ගම, මතුගම අගලවත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

එසේම රජ කාලයේ පටන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පැවැත්වු නමුත් වර්තමානයේ ඇතැම් අය ඉන්දීය විරෝධයක් ඇති කිරිමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා එහිදි වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News