රනිල් මෛත්‍රී හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවත්, එහිදී පැමිණි එකඟතා අද (23) පැවැත්වෙන කැබිනට් හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසු කරුණු මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් ජනාධිපති සිරිසේන මහතාට දැනුම්දී ඇති බවද වාර්තාවේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී  එරෙට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ඡා පිළිබඳවද මෙහිදී අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැමිණි එකඟතා අද (23) පැවැත්වෙන කැබිනට් හමුවට දැනුම් දෙනු අැත.

Exit mobile version