සබරගමුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සයිබර් අවකාශයට

පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් සබරගමුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පසුගියදා සයිබර් අවකාශය වෙත මුදාහරිනු ලැබීය.

www.edudept.sg.gov.lk  යන වෙබ් ලිපිනය  ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය. සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂාවලින් මෙය ක්‍රියාත්මකය.

මෙමගින් පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට පෙළ පොත්  ආශ්‍රිත ව පාසැල් පද්ධති මගින් ලබාදෙන අධ්‍යාපනය මෙන්ම වෙනත් විෂය ක්ෂේත්‍රයන් ද හැදෑරීමට අවස්ථාව උදාවේ. එමෙන්ම සබරගමුවේ ගුරු ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික, සමාජීය, කලා ඇතුළු ක්ෂේත්‍රයන්වලට අදාළ නිර්මාණ මේ සඳහා එක්කළ හැකිවීම විශේෂත්වයකි.

 

Exit mobile version