මාළු අල්ලද්දී අකුණක් වැදී මරුට

මැදිරිගිරිය, කවුඩුල්ල වැවේ ධීවර කටයුතු කරමින් සිටි ධීවරයින් සිව් දෙනෙකුට අකුණු සැර වැදී අැති අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් අැති බවට වාර්තා වෙයි.

එක් ධීවරයෙක් බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකි.

මැදිරිගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version