ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

“වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග‍්‍රහණය සඳහා කැපවීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස්  ඒජ් හෝටලයේදී පැවැත්විණි.

මෙම වාර්ෂික සමුළුව 15 වන වරටත් ඊයේ ආරම්භ කෙරුණු අතර එය අදින් අවසන් කෙරේ.

කාලීන මාතෘකා ඔස්සේ, තෝරාගත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමට මෙම සමුළුව මගින් මං පෙත් විවර කෙරෙන අතර සිය ප‍්‍රධාන ක්ෂේත‍්‍රය වන ගිණුම්කරණය ආශ්‍රීත මාතෘකාවන්ට අමතරව නූතන තාක්ෂණයේ බලපෑම පිළිබඳව ද අවධානය යොමු කිරීම විශේෂත්වයකි.

2016 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානයට පත් වූ හිඟුරක්ගොඩ නිපුණි ධනංජනී රූපසිංහ ශිෂ්‍යාව වෙත තිළිණයක් ප‍්‍රදානය කිරිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ ඉදිරි ආර්ථික මෙන්ම සංවර්ධන සැලසුම්වලදී විද්වතුන්ගේ දායකත්වය ඉතා වැදගත් බවත්, රටේ ඉදිරිගමන සුබදායී කර ගැනීම වෙනුවෙන් තම හඞ අවදි කිරීමට රටේ සියලූ විද්වතුන්ට කාලය පැමිණ ඇති බවත්ය.

 

Read more

Local News