Home දේශීය පුවත් රවීගේ ගෙදර වීඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

රවීගේ ගෙදර වීඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

0
රවීගේ ගෙදර වීඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙකි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here