රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවෙයි?

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම සදහන් කළේ, සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන 31 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බවයි.

වාර්තාවට ඇතුළත් නිර්දේශ මත ඉදිරියේදී සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩී වීමක් සිදු විය හැකි බවත්, වාර්තාව ජනාධිපතිතුමා අනුමත කිරීමෙන් අනතුරුව මෙවර අයවැයට අදාළ යෝජනා ඇතුළත් කළ හැකි වේ.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව අවම කිරීම සඳහා වූ විශේෂ යෝජනා කිහිපයක් ද වාර්තාවට ඇතුළත් ය.

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ය.

Exit mobile version