SLPP හා SLFP පිරිසක් UNPයට එනවා අකිල කියයි

Share

එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්වන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසූවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“එක්සත් ජාතික පෙරමුණ ඉතාමත් ශක්තිමත් බහුතරයක් ඇතිව දිනෙන් දින වර්ධනය වෙමින් යනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, පොදුජන පෙරමුණෙන් මේ ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට  එරෙහිවෙනවා විශ්වාසභංග යෝජනාව වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට් මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා. කවුරුහරි නීතිය අතට ගෙන ක්‍රියාකරනවානනම් ආරක්ෂක අංශවලට කියනවා ඒවට බාධා කරනවානම් වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇත්ත තත්ත්වය ප්‍රකාශයට පත්කරනවා.” යැයි මහලේකම්වරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News