වත්මන් රජයට දේශපාලන මණ්ඩලයක් පත් කරයි

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් වත්මන් රජයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පත් කර තිබේ.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු ඇතුලූ දස දෙනෙක් ඇතුළත් වේ ඒ අතර ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කිරිමට නියම්තයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන මණ්ඩලය ඊයේ (28) රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර තිබේ.

Exit mobile version