අපේ ආණ්ඩුවෙන් අහිතකර දේ වුනා විජයදාස කියයි

Share

පසුගිය ආණ්ඩුව රටට අහිතකර බොහෝ දේවල් සිදුකළ බවත් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

්අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් පසු කොළඹ ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්ය.

වැඩ්දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

“රටේ මේ මොහොතේ අත්‍යාවශ්‍යම වෙනස තමයි අද මේ වුණේ. අපේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පාට පාට දේශපාලන පක්ෂ නෙමෙයි. රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති. රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙලා තියෙනවා. ජාතික සම්පත් විකිණීම නවත්වන්න වෙලා තියෙනවා.

රණවිරුවන් මුහුණ දී තිබෙන අනතුරුදායක තත්ත්වයේ රට බේරා ගන්න වෙලා තියෙනවා.

මම සියලු දෙනාම දැනුවත් කරලා තිබුණේ. අපේ ආණ්ඩුව යටතේ බොහෝ අහිතකර දේවල් රටට සිදුවුණා. එය නිවැරදි කිරීම කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පක්ෂය ගැන කලකිරීමක් නෑ. පක්ෂ ගෙනයන වැඩපිළිවෙළ හානිදායක නම් ඒකට සහාය දෙන්න බෑ. මේ රට දේශපාලන නායකයෙක්ට හෝ දේශපාලන පක්ෂයකට අයිති රටක් නෙමෙයි. මේ රට පුරවැසියන්ට අයිතියි. අපට තිබෙන වගකීම තමයි ජනතාවගේ ආරක්ෂාව තහවුරු දීම.”

Read more

Local News