එජාපයේ රහසක් වාසු කියයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමේ තීරණයට විරෝධය පළකරමින් අධිකරණයට යාහැකි නමුත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා එවැනි පියවරක් නොගැනීම ගැටලුවක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකර රාජ්‍ය අංශය කඩාදැමීමට  එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ රහසිගත වැඩපිළිවෙළක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව තමන් විරුද්ධ නොමැති බවත්, විධායකයේ වගකීම් පැත්තකට දමා පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version