ධීවරයින්ට අනතුරු ඇඟවීමක් – මුහුදු ප්‍රදේශවලට තද වැසි

හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Exit mobile version