පාසල් සිසුන්ට ආයෙත් රෙදි

පාසල් සිසුන්ට පෙර පරිදි නැවතත් නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ.

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහාන් කරන්නේ පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර් ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට නිල ඇඳුම් රෙදි ලබා දීමට තීරණය කළා බවයි.

ඒ අනුව 2019 ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතව ඇත.

Exit mobile version