14ත් පාර්ලිමේන්තුව කල් තියයි

Share

නොවැමිබර් 14 වැනි දිනට ප්‍රථම පාර්ලිමේන්තුව කැඳවීමක් නොකරන බව සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ 14 වැනි දින පාර්ලිමේන්තුව රැස්විමෙන් අනතුරුව එදිනම පාර්ලිමේන්තුව කල් දමන බවයි.

14 වැනිදාට පසුව සති දෙකක් ඇතුළත මෙම දේශපාලන අර්බුදය අවසන් වනු ඇති බවත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි තීරණ ගන්නා බවත් මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

එසේම මේ වන විට විදේශගතව සිටින මන්ත්‍රීවරුන් දිවයිනට පැමිණෙමින් සිටින බවත් ඉදිරියේදී ලසන්ත අලගියවන්න මහතාට හා වීරකුමාර දිසානායක මහතාට අමාත්‍යධුර ලබාදෙන බවත් ඒ මහතා මධ්‍ය වෙත පැවසීය.

Read more

Local News