කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් කේරල ගංජා සහ ගංජා කිලෝ එකාමාරක (1 1/2 ) පමණ ප්‍රමාණයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එ් හම්බන්තොට සුරාබදු ස්ථානයේ නිලධාරින් හට ලැබුණු තොරතුරකට අනුව ඊයේ(07) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අැත.

අදාළ සැකකරු ක්‍රිකට් ක්‍රීඩාවේද නියැලන අයෙකු වන අතර එහිදී ලංකාවේ විවිධ ප්‍රදේශයන් වෙත කාලයක සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නියෙලෙන පිරිස් වෙත හා ටැංකි බෝට්ටු සඳහා අවශ්‍ය ගංජා තොග වශයෙන් අලෙවි කරමින් සිටි අයෙකු බව පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම සැකකරු හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 37ක පමණ දෙදරු පියෙකි. එම සැකකරු අද(08) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version