දිය කෙළියේ යෙදෙන මුණමල්ගස්වැව දරුවන්

පැවති දැඩි නියගය හමාර කරමින් ඇද හැලුණු වර්ෂාවත් සමඟ විනෝදවන දරුවන් පිරිසක් මුණගස්වැව ප්‍රදේශයෙන් දක්නට ලැබිණි.

වසර දෙක හමාරක පමණ කාලයක් පැවැති නියගය හමාර කරමින්  මෙවර මහ කන්නයේ දී ඇද හැළුණු වැසිවලින් මේ වනවිට පිරී ඉතිරී යන කරුවලගස්වැව මූණමල්ගස්වැව ජලාශයේ වාන  මත  ගම්වාසී දරු දැරියන් පිරිසක් දිය කෙළියේ යෙදෙන සුන්දර දසුනක් 7 දින සවස දැකගත හැකි විය.

ගොවි පවුල් දෙසිය පනහක් පමණ වෙසෙන මූණමල්ගස්වැව පුරාණ ගම්මානයට ඇති ප්‍රධානම ජල මූලාශ්‍රය මෙම ජලාශයයි.

එමගින් වගා කෙරෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 260ක් පමණ වන සඳහන් වේ.

නමුත් නියගය හේතුවෙන් පසුගිය කන්න කිහිපය තුළ මෙහි හරිහැටි වගාවක් සිදු වී නැත.

එහෙත් මෙම මහ කන්නයේ දී ජල ගැටලුවකින් තොරව කුඹුරුයායම වගා කිරීමට හැකියාව ලැබී ඇත.

 

Exit mobile version