ලෝකාන්තය බලන්න ආපු ජර්මන් කත පහළට ඇද වැටෙයි

අද (11) උදැසන ලෝකාන්තය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ඉන් පහළට ඇද වැටී ඇති බව පොලිසිය සදහන් කරයි.

සිය මිතුරියක් සමග පැමිණ සිටි මෙම ජර්මානු ජාතික කාන්තාව ජායාරුපයක් ගැනීමට යාමේදී ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබේ.

මෙම කාන්තාව සොයා මේ වන විට පොලිසිය, යුධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Exit mobile version