කදුරට උරැමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නම් කරයි

Share

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට මෑතක දී එක් කරන ලද කදුරට උරැමය සුරැකීම පිළිබඳ විෂය සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති ලෙස මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ලේකම් ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව මහතා පත්කර තිබේ.

අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පසුගියදා  අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේ දී අදාළ පත්වීම් ලිපි ප්‍ර‍දානය කරන ලදී.

පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමිපාණන්, ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව ( සභාපති ) , එල්.ආර්.බී.දිසානායක ( උප සභාපති ) , අධ්‍යක්ෂවරුන් ලෙස නීතිඥ හරේන්ද්‍ර‍ දුනුවිල , මහාචාර්ය සී.එච්.මද්දුම බණ්ඩාර , ආචාර්ය චූලනී රඹුක්වැල්ල , නීතිඥ චන්ද්‍ර‍සිරි සෙනවිරත්න , කිත්සිරි පතිරණ , අමිල සම්පත් බණ්ඩාර බෝගහවෙල බෝගොඩවත්ත කදුරට උරුමය සුරැකීම සදහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉහත සඳහන් පරිදි වේ.

 

Read more

Local News