ලංකාවේ සෑම දින 7කට ඒඩ්ස් රෝගීන් 6ක්

ශ්‍රී ලංකාවේ සෑම සතියකදීම අලුතින් එච්. අයි. වී. වෛරසය ශරීර ගත වූ රෝගීන් 6ක් සොයා ගැනෙන බව ජාතික ලිංගාශ්‍රීත රෝග වැඩසටහන කියයි.

එච්. අයි. වී. වෛරසය ශරීරගත වූ රෝගීන් 4200ක් ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු කර ඇතැත් මෙතෙක් සොයා ගෙන ඇත්තේ ඉන් ඉතා සුළු පිරිසක් බව එම වැඩසටහන කියයි.

මෙතෙක් වාර්තා වී ඇති වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 2017 වසරේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 285 දෙනකි.

එච්. අයි. වී. වෛරසය ශරීරගත වූවන්ගෙන් 3න් 1ක් තමන් එච්. අයි. වී. වෛරසයයෙන් ආසාදිත වී ඇති බව නොදන්නා බවත් එම වැඩසටහන වැඩි දුරටත් කියයි.

Exit mobile version