ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වසරේ මහබැංකු අධිපති ලෙස නම් කරයි

දකුණු ආසියාවේ වසරේ මහබැංකු අධිපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කොට ඇත. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව මේ සම්මාන ප්‍රදාන උළෙල පැවැත්විණි.

වසර 2017 ඔක්තෝබර් 14 වැනිදා ‘ග්ලෝබල් කැපිටල් මාර්කට්’ සම්මාන උළෙලේ දී අධිපතිවරයා මේ සම්මානයෙන් පිදුම් ලැබූවේය. සම්මාන ප්‍රදානය අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඉකුත් 14 වැනිදා පැවැත්විණි.

 

Previous articleදෙවෙනි එක්දින තරගයේ ජය පාකිස්තානයට
Next articleඅනවසර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් පහතට