ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අවසන් තීරණය හෙට

Share

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව හෙට (19) පෙරවරු 11.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read more

Local News