CID නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගුයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කිරිමට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීමක් පසුගිය දිනකදි ලබා දී තිබුණේය.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට හදිසියේ ස්ථාන මාරුවිමක් ලබා දිම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ රටේ දැඩි කතාබහට ලක්විය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කොළඹදි තරුණයින් 11 දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිම යන සිද්ධිය ඇතුළු වැදගත් විමර්ශන කිහිපයක් සිදුකරමින් සිටියේ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින්ය.

Exit mobile version