ආර්ථිකයට ගමන් කිරීමේ දී ඩිජිටල් ආර්ථිකයට යැමේ වපසරිය සකස්කරගත යුතුයි – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

2025 දී දැනුම කේන්ද්‍රස්ථානය වන ආර්ථිකයට ලංකාව ගමන් කිරීමේ දී ඩිජිටල් ආර්ථිකයට යැමේ වපසරිය සකස්කරගත යුතුව තිබෙන බවත් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත මඟින් පිටරට කොන්ත්‍රාත්තුවක් ඉලෙක්ට්‍රොනිකව අත්සන් කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අද (17) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

අපි ආඩම්බර වෙන්න ඕන. ලංකාව විශාල වශයෙන් නීති ගෙන ඒම තුළ ප්‍රසාදයක් ලැබිලා තිබෙනවා. ඊ-රාජ්‍ය සංකල්පයෙන් ලෝකයේ රටවල් 174කින් ලංකාව 74 වැනි ස්ථානයේ සිටිනවා. අන්තර්ජාල සේවා සැපයීම අතින් ලෝකයේ රටවල්වලින් අප සිටින්නේ 37වැනි ස්ථානයෙයි.

මිනිස්සුන්ට හැමදේටම බැංකුවට යන්න අවශ්‍ය නෑ. දැන් ඔන්ලයින් මාර්කට් කරන්නේ. ඒ ක්‍රමවේදය ලෝකය යන්නේ. ලංකාවේ  ජනතාවට වඩා ජංගම දුරකතන තිබෙනවා. ෆේස් බුක් භාවිතා කරනවා මිලියන 6.2ක් ඉන්නවා. ඉලෙක්ට්‍රොනික ගණුදෙනු  හරහා හතරවැනි කාර්මික විප්ලවය තිබෙන්නේ මේ හරහායි.

ජනවාරි , පෙබරාවරි වනවිට  උසස්පෙළ ළම්යින්ට ටැබ් එකක් ලැබෙනවා. සෑම පාසල් ළමයින්ට පාසලේ දී පරිගණක හමුවෙනවා. සියලු දේ පහසු කිරීමටයි. ඩිජිටල් අර්ථිකයකට අප යන්නේ. ආනයන, අපනය වෙළඳාමට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සහතික කිරීම වැදගත් වෙනවා. පිටරට කොන්ත්‍රාත්තුවක් ඉලෙක්ට්‍රොනිකව අත්සන් කිරීමේ හැකියාව මෙම පනතින් ලබෙනවා. ඉලෙක්ට්‍රොනික සිග්නේචර්  ස්ථාපිත කිරීම සිදු වෙනවා. ග්‍රාමසේවක 7000කට අපි ටැබ් දෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් ටැබ් දෙන්න  බලාපොරොත්තු වෙනවා.

Previous articleසයිටම් ගැටළුව විසඳීමට රජය යෝජනා රැසක් ඉදිරිපත් කළා – රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල්
Next articleඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු වෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න