කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා දිස්ත්‍රික් ඩෙංගු අන්තර් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් පැවසුවේ 2017 වර්ෂය තුළ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් 8746 දෙනෙක් වාර්තා වු බවයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාව මාවනැල්ල, වරකාපොළ සහ අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වී තිබේ. මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මරණ 29 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක්, ජූනි 1964, ජූලි 2565 , අගෝස්තු 1684 මාස වලින් වාර්තා වූ අතර සැප්තැම්බර් මාසය වන විට එම තත්ත්වය 782 ක් වී තිබෙන බව පෙන්වා දුන්නේය.