ආණ්ඩුවට එරෙහිව එජාප විරෝධතා මාලාව අද ආරම්භ වෙයි

ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය කි‍්‍රයාත්මක කරන විරෝධතා මාලාව අද (24) මහනුවරින් ආරම්භ වේ.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පෙරවරු 10.00 ට මහනුවර නගරයෙන් එම විරෝධතාව ආරම්භ කරන බවයි.

ලබන 27දා කළුතරදීත්, 03දා ගාල්ලේදීත් විරෝධතා දක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version