ජනපති සහ පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් 12.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි සඳහන් වන්නේ.

Exit mobile version