ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගයට, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

ඉකුත් දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබේ.

එම පෙත්සම් සියල්ල ලබන 04,05, සහ 06 යන දිනවල විභාගයට ගැනීමට නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එනතෙක් ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් ලබන 07 වන දා දක්වා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

Exit mobile version