මල්ලී පොල්ලකින් ගසා අයියා මරයි

බලසොහොයුරා විසින් සිය වැඩිමහල් සොහොයුරාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ පුවතක් බුලත්සිංහලින් වාර්තාවේ.

බුලත්සිංහල- ගෝවින්- දියබෙරලියක්න්ද ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදු වී ඇති අතර ඊයේ(26) රාත්‍රියේ මියගිය පුද්ගලයා සිය බාල සොහොයුරා සමග ඇති කර ගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇත.

මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයකු වන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු බුලත්සිංහල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version