බහුතරය ගැන ආණ්ඩුව කතා කරයි

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් නොව ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්ත ඇති මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට වරමක් නැතැයි දිගින් දිගටම කෙරෙන චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පැවසීය.

පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය ගත් තීරණය මෙතෙක් වෙනස් වී නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

ආරවුල් විසඳා ගැනීම සඳහා කළහැකි හොඳම දෙය නම් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවද චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා නැවත අවධාරණය කළේය.

Exit mobile version