පක්ෂ නායක රැස්වීම අද 9.00 ට

අද (29) දිනයේදී පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.00ට ආරම්භවීමට නියමිතව තිබුණි.

පාර්ලිමේන්තුව පෙවරු 10.30ට රැස්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සැසියට එක්වෙනවාද නැත්ද යන තීරණය අද පෙරවරුවේ ගැනීමට නියමිතය.

මේ අතර අගමැති වැය ශීර්ෂය කපා හැරීමට අදාළ යෝජනාව සඳහා ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතව තිබේ.

අද දිනයේදීත් මහජනතාවට හා විශේෂ අමුත්තන්ට පාර්ලිමේන්තු සැසිවාරය නැරඹිමේ අවස්ථාව හිමි නොවෙයි.

Exit mobile version