මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය ජනපති උපදෙස් මත

අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් කළ ඉල්ලීමකට අනුව වර්ග අඩි 3450 කින් යුත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම මාස හතරක කාලයක් තුළ අවසන් කිරීමට ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මේ සදහා රුපියල් මිලියන 45 කට ආසන්න මුදලක් වෙන් කොට ඇති අතර, අදාල මුදල මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මේ වන විටත් ලබා දී තිබේ. රන් වියන ප්‍රතිසංස්කරණය
කිරීමේ තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරෙන අතර, ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි.

රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධ ගිවිසුම මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදී.

2002 වසරින් පසුව දළදා මාලිගාවේ රන් වියන අලුත් වැඩියා කිරීමක් මෙතෙක් සිදු වී නොමැත.

 

Exit mobile version