යාන් ඔය පාලම යටින් මතු වූ අවි ආයුධ තොගය

හොරොව්පතාන – යාන් ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගොඩගනිමින් සිටියි.

අද (30) පෙරවරුවේ සිට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් මෙම ආයුධ තොගය ගොඩ ගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.

ටී – 56 පතොරම්, ෂොට් ගන් කැබලි, මැගසින් සහ වෙනත් ආයුධ කොටස් විශාල ප්‍රමාණයක් ගොඩගෙන ඇති බව එහි සිටින බව වාර්තා වේ.

මෙම ආයුධ කවුරුන් විසින් මෙලෙස සඟවා තිබුණේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Exit mobile version