ප්‍රංශයේ විරෝධතාවයකට කඳුළු ගෑස්

ජීවන වියදම ඉහළ යාමට සහ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර පැවති විරෝධතාවකට එරට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී කලහකාරි ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශිකාව ප්‍රකාශ කර ඇත.

ඔවුන් සති දෙකකට වැඩි කාලයක සිට මෙලෙස විරෝධතාවල නිරත වූ බව සදහන්ය.

Exit mobile version