ගල්කිස්සේදී පොලීසියට කොටු වූ මාතර මල්ලි

පොලිස් නිලධාරීන් ලෙස නිවසකට ඇතුළු වී දියමන්ති, මැණික් ඇතුළු දේපළ කොල්ලකා ඒ අවස්ථාවේ නිවසට පැමිණි සිටි විදෙස් ජාතික ගැනුම්කරුවෙකු පැහැරගෙන ගිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 05 වැනිදා මහරගම අරලියපුර ඇරැව්විල පන්නිපිටිය ප්‍රදේශයේ ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නැමැති අයගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන ඇතුළු වී නිවසේ එම හිමියාට ගිනිඅවියකින් පහරදී මෙම කොල්ලකෑම සිදු කර තිබිණි.

ඊයේ (01) සවස ගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හංදිය ඉන්ධන පිරවුම්හල අසළදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 38ක් වූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී නැමැති අය බවට හඳුනාගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version