යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා අද යළි විවෘත කෙරේ

Share

වන සතුන්ගේ ජෛවීය අවශ්‍යතා සඳහා සෑම වසරකම වනෝද්‍යානය සීමිත කාලයකට වසා තැබේ. ඒ අනුව මාස දෙකකට අධික කාලයක් වසා තිබූ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා අද(23) යළි විවෘත කෙරේ.

මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1938 වසරේදී ය. මෙම වනෝද්‍යානයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 978කට අධිකය. ශ්‍රී ලංකාවට විශේෂ වූ වන සතුන් රැසක් ද මෙම වනෝද්‍යානයේ සිටීම විශේෂත්වයකි.

වාර්ෂිකව දෙස් – විදෙස් සාංචාරකයින් විශාල ප්‍රමාණයක් වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන අතර එමගින් විශාල ආදායමක් ද ලබා ගැනේ.

සංචාරකයින්ගෙන් වනෝද්‍යානයට වන බලපෑම් අවමකර ගැනීම සඳහා ඇතුළු කරන වාහන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනූව, පලටුපාන පිවිසුමෙන් වාහන 100ක්ද, කටගමුව පිවිසුමෙන් වාහන 50ක් ද වන ලෙස කාලසීමාවන් 3ක් සඳහා දිනකට උපරිම වාහන 450ක් ඇතුළු කෙරේ.

එම කාලසීමාවන් 3 වන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 10.00 දක්වා, පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා හා පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාය.

මේ අනූව බලපත්‍ර නිකුත් කරනු ලබන වේලාවන් ද සීමා කර ඇත. උදෑසන 5.30 සිට පෙරවරු 7.00 දක්වාත්, පෙරවරු 9.30 සිට පෙරවරු 11.00 දක්වාත්, පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වාත් බලපත්‍ර නිකුත් කෙරේ.

Read more

Local News