මහින්ද දේශපාලන අනාථයෙක් – ආශු මාරසිංහ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි වත්මන් දෙශපාලනික ගැටළුකාරී තත්ත්වය ඇති වීමට හේතුව මන්ත්‍රීවරුන්ට මිල ගණන් නියමවීම නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අපි පුරවැසියෝ සංවිධානය ඊයේ (08) කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවකට එක්වෙමිනි.

එමෙන්ම මන්ත්‍රිවරු මුදල් ඉල්ලූ බවට නිකුත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

මෙම තත්ත්වය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන අනාථයෙක් බවට පත් වී ඇති බව ද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

Exit mobile version