නාම පුවරුවේ නාගදීප චෛත්‍යයේ රතු ගාලා

නාගදීපයට යන මර්ගයේ ස්තාපිත කර ඇති නාගදීපයට ගමන් කරන මාර්ගය දැක්වෙන නාම පුවරුව විකෘත්ති කර ඇත.

‍යාපනය, කයිට්ස් වේලනෙයි මංසන්දියේ ස්ථාපිත කර ඇති මෙම නාම පුවරුවේ නාගදීප චෛත්‍ය දැක්වෙන රූපය රතු පැහැති තීන්තවලින් ආලේප කර විකෘති කර ඇත.

අවස්ථා කිහිපයකදී මෙලෙස මෙම නාම පුවරුව විකෘත්ති කර තිබුණු නමුත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මෙවර සිදු කර ඇති මෙම විකෘත්ති කිරීම පිළිබඳ ද පරික්ෂණයක් ආරම්භ කළ බව කයිට්ස් පොලිසිය පවසයි.

Exit mobile version