දරුවා මැරුණේ ළිඳට වැටිලද? පොලීසියට සැකයි

Share

මුලතිව් පොලිස් වසමේ කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ දී ඊයේ(10) සවස දරුවෙකු ළිඳට වැටී මියගොස් තිබේ.

මෙම දරුවා ළිඳට වැටීමෙන් අනතුරුව බේරා ගෙන මාංචෝලේ රෝහල වෙත ඇතුළත් කර අැති අතර එහිදී දරුවා මියගොස් අැති බවයි වාර්තා වන්නේ.

දරුවා මියගොස් සිටි බවට ලද පණිවිඩයක් මත මුලතිව් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 4ක් වු කල්ලපාඩු දකුණ, මුලතිව් ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) දින සිදු කිරීමට නියමිත අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News