දකුණු ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නැගී එන අභියෝග සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොරියා – ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා – ප්‍රංශ සාගරික ආරක්ෂක සංසදය අද (16) දින පැවැත්විණි.
මෙම සංසදය වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රාදේශීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී සාගරික ආරක්ෂාව, ජාත්‍යන්තර නීතිය, සාගරික ආරවුල් සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙහි ආරම්භක දේශනය ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්. ආර්. ඩී. එම්. අයි. ඉන්දික වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය Kim Youn-Jung මෙහි අරමුණ පැහැදිලි කර සිටියාය.
කොරියාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන විශේෂඥයින් සහ මෙරට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රේගු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක අධිකාරිය ඇතුළු මෙම සංසදය නියෝජ්‍ය කිරීම සඳහා පාර්ශව රැසක් මෙම අවස්ථාවට එක්විය.
මෙම සංසදය හරහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය ආරක්ෂක අභියෝග, දකුණු ආසියානු මුහුදු මාර්ග සහ සම්බන්ධතාවට ඇති බලපෑම, සමුද්‍රීය නීතිය යටතේ ආරවුල් විසඳීම, තොරතුරු හුවමාරුව, ධාරිතා ගොඩනැගීම සහ සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය වැනි කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.



