ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂි කරුවන්ට සිතාසි ලැබී ඇද්දැ‍‍යි ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයෙන් විමසා දන්වන්නැයි සී.අයි.ඩී. අධ්‍යක්ෂකට මහාධිකරණයෙන් නියෝගයක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඉන්දීය ජාතිකයන් දෙදෙනාට සිතාසි භාරදී තිබේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා, ලබන ජනවාරි මස 18 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News