මියන්මාරයේ සංචාරය කරමින් ටිව්ටර් ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි, භාවනානුයෝගීව කාලය ගත කර ඇති බව වාර්තා වෙයි.
උතුරුදිග මියන්මාරයේ පසුගිය මාසය පුරා භාවනානුයෝගීව කාලය ගත කර ඇති ඔහු, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මියන්මාර ජනතාව බොහෝ සතුටින් ජීවත්වන අතර, ඔවුන්ගේ ආහාරපාන පවා අතිශය මිහිරි බවයි.
මෙය ජැක් හඹායන මිලියන 4ක් පමණ වූ ඔහුගේ ට්විටර් ගිණුම හා සම්බන්ධ පිරිස් මියන්මාරයේ සංචාරය කිරීම සඳහා ධෛර්යවත් කර ඇති පණිවුඩයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජැක් සිදුකළ මෙම ප්‍රකාශය මියන්මාරයේ ක්‍රියාත්මක රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් හඬ නඟන්නන්ගේ කෝපය අවුස්සා ඇති අතර, මාධ්‍ය තුළින් පවා මියන්මාරය තුළ භීෂණයක් පවතින බවට නිරන්තරයෙන් හුවාදක්වන පිරිස්ද කෝප ගන්වා තිබේ.
ජැක් ඩෝර්සි වැඩ්දුරටත් ටිව්ටර් පණිවුඩයක සටහන් කර ඇත්තේ “මියන්මාරය අතිශයින්ම රමණීය රටක්. මියන්මාර ජනතාව බොහෝ සතුටින් ජීවත්වන අතර, ඔවුන්ගේ ආහාරපාන පවා අතිශය මිහිරියි. යැන්ගොන්, මැන්ඩලේ සහ බගාන් යන නගරවල මා සංචාරය කළා. ඒ වගේම, රට පුරා වූ බොහෝ ආරාමවලට ගොස් අපි භාවනා වැඩසටහන්වලට සම්බන්ධ වුණා” බවත් ජැක් තවත් ඔහු සැබෑ ලෙසම මියන්මාරයේ අත්විඳි පරිසරය බව ස්වාධීන අදහස් දරන්නන් බව සදහන් කර තිබේ.




