වතුකරයේ වර්ජනය නිසා රුපියල අවධානමේ

වතු කම්කරුවන් විසින් දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට එරෙහිව ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හමුවේ රුපියලේ අගය අඩු වී ඩොලරයේ අගය ඉහළ යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ.ප්‍රේමරත්න මහතා පැවසිය.

ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා ඒ බව කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ හැටන් කාර්යයාලයේ අද (11) පැවති මාධ්‍යය හමුවකට එක් වෙමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා කියා සිටියේ වතු කම්කරු අඛණ්ඩ වැඩ වර්ජනය හමුවේ උඩරට සහපහතරට තේ නිෂ්පාදනය අඩාල වි ඇති බවයි.

තේ නිෂ්පාදනය අඩාල විම හමුවේ ඉදිරියේදි පැවැත්වෙන තේ වෙන්දේසිය සදහා වතු සමාගම් විසින් වෙන්දේසියට තේ තොග ඉදිරිපත් නොකිරිම හමුවේ තේ අපනයනයට දැඩි බාධාවක් පැමිණෙන නිසා විදේශ විනිමය මෙරටට නොලැබිම හමුවේ රුපියලේ අගය අඩු වි ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ අගයක් ගන්නා බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රජයක් නොමැති නිසා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සදහා ඉදිරිපත් විය යුතු බවයි.

Exit mobile version