දේශපාලන අර්බුදය විසඳීමට නොහැකි වූ හේතුව ජනපති කියයි

රට තුල පවත්නා දේශපාලන අර්බුදය ප‍්‍රකාශ කළ පරිදි සතියක් තුළ විසඳීමට නොහැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රමාද වීම හේතුවෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

ජනපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

දේශපාලන අර්බුදය අවසන් කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති අතර  අද (12) පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම ද වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version