කම්කරු දෙපාර්තමේන්තුව මූල්‍ය අර්බුදයක

කම්කරු දෙපාර්තමේන්තුව බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය පවසයි.

මේ වන විට කම්කරු නිළධාරින්ගේ ගමන් වියදම් දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි එම සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා සඳහන් කළේ.

ඉදිරි සතිය තුළ මෙම ගැටළුවට විසඳුම් නොලැබුණහොත් කම්කරු නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ද එ් මහතා සඳහන් කළේය.

Exit mobile version